2016 මැයි මස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් දස දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කරන ලදි. මෙම මණ්ඩලයට ඉංජිනේරු හා සමාජ විද්‍යාව වැනි විවිධ විෂයය ධාරා වලට සම්බන්ධ මහාචාර්යවරු, විශ්ව විද්‍යාල දේශකයින්, නීතීඥවරු සහ විද්වතුන් ඇතුළත් වේ. මෙම විද්වතුන් විවිධ දේශපාලන පක්ෂ වෙතින් ලද නාමයෝජනා අනුව මෙහෙයුම් කමිටුව මගින් පත් කර ඇත.
මෙම විද්වත් මණ්ඩලයේ මුලීක කාර්යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කමිටු වෙත ඉදිරිපත් කිරිමට නියමිත ලේඛනයන් සකස් කිරිම සඳහා තාක්ෂණික සහ නීතිමය සහාය ලබා දීම වන අතර, මෙහෙයුම් කමිටුවේ සලකා බැලීම සඳහා ලේඛන සකස් කිරීම ද මෙයට ඇතුළත් වේ. 2018 මැයි 24 දින මෙහෙයුම් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙහෙයුම් කමිටුවේ අවසාන සාකච්ඡා වාරය සඳහා පදනම් කර ගැනීම සඳහා ලේඛනයක් සකස් කිරීමට විද්වත් කමිටුව වෙත නිර්දේශ කරනු ලැබීය.
එකී ලේඛනය මෙහෙයුම් කමිටුව විසින් 2017 සැප්තැම්බර් මස නිකුත් කරන ලද අතුරු වාර්ථාවේ අන්තර්ගතය ද, මුලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, රාජ්‍ය සේවය, මධ්‍ය පර්යන්ත සබඳතා සහ නීතිය හා සාමය පිළිබඳ අනුකමිටු වාර්තාවන් හි අන්තර්ගතය මෙන්ම දේශපාලන පක්ෂ ස්ථාවරයන් ද මත සකස් කිරීමට නියමිතව ඇත.
ඉක්බිතිව 2018 ජූලි 18 දින මෙහෙයුම් කමිටුව අවසන් වරට රැස් වූ අවස්ථාවේදී විද්වත් මණ්ඩලය විසින් ලේඛන දෙකක් ඉදිරිපත් කරන ලද අතර, මෙහෙයුම් කමිටුව විසින් අදාළ ලේඛන දෙකෙහි අන්තර්ගතයන් හා වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කර, ඉදිරි සති දෙක තුළ සියලු දෙනාගේ එකඟත්වය සහිත එක් ලේඛනයක් සකස් කළ යුතු බවටත් විද්වත් මණ්ඩලය වෙත උපදෙස් ලබා දෙන ලදි.
අතුරු වාර්තාව සහ අනුකමිටු වාර්තා සමාජගත වී ඇති අතර, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වෙබ් අඩවියෙන් (www.constitutionalassembly.lk) බාගත හැකිවේ.
මෙම තත්වය පැහැදිලි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම්තුමිය විසින් කරන ලදුව, අයි.ටි.එන්. ප්රවෘත්ති මගින් (2018 ජුලි 18 දින) විකාශය කරන ලද සම්මුඛ සාකච්ජාව මෙම යු ටියුබ් වෙබ් සම්බන්ධකයට පිවිස නරඹන්න.